To be translated


11 Nov 2018 By Edwards Foundation

විකිරණශීලී ප්රතිකාරය පමාවී පිළිකා රෝගීන් මරුට

එAමන්ති මාරඹේ

වාර්ෂිකව මෙරටින් තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත පිළිකා රෝගීන් 500 ත් 600 ත් අතර සංඛ්යාවක් වාර්තා වන අතර ඔවුනට සැත්කමකින් පසු ලබාදීමට නියමිත විකිරණශීලී අයඩින් ප්රතිකාරය පමාවීමෙන් එම රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්යාවක් අකාලයේ මියයන බව පිළිකා රෝග විශේෂඥ වෛද්යවරු පවසති.

මෙසේ මියයන තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් එම සෑම පිළිකා රෝගියකුටම සැත්කමින් පසු මසක පමණ කාලයකින් විකිරණශීලී අයඩින් ප්රතිකාරය ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන ලෙස ඉකුත් අඟහරුවාදා (05 දා) පිළිකා රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය විසින් සෞඛ්ය අමාත්යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එම වැඩපිළිවෙළ යටතේ දැනට සැත්කමින් පසු දින පහක කාලයක් ඇතුළත තයිරොයිඩ් පිළිකා රෝගීන්ට ලබාදෙන "100 මිලිකියුල්" ඖෂධීය කරල් සති දෙකක කාලයක් සඳහා ලබාදීම, වසර තුනකට ඉහත ස්ථාපිත කර තවමත් විවෘත නොකර පවතින කුරුණෑගල මහ රෝහලේ අයඩින් ප්රතිකාර එAකකය කඩිනමින් විවෘත කිරීම, අයඩින් ප්රතිකාරය දීප ව්යාප්ත වූ සේවාවක් කිරීමට රෝහල් හඳුනාගෙන ප්රතිකාර එAකක ඇරැඹීම යන ක්රියාමාර්ගයන් අනුගමනය කරන ලෙස පිළිකා රෝග විශේෂඥ වෛද්යවරුන් යෝජනා කර තිබේ.

සෞඛ්ය ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා හමුවී කරන ලද සාකච්ඡාවකදී එම වෛද්යවරුන් මෙම යෝජනාවන් ඉදිරිපත් කර තිබේ.

දැනට මහරගම පිළිකා රෝහලේ පමණක් තයිරොයිඩ් පිළිකා රෝගීන් 1200 ක් පමණ දෙනා විකිරණශීලී අයඩින් ප්රතිකාරය සඳහා ලියාපදිංචි වී සිටිති.

තයිරොයිඩ් පිළිකා රෝගීන්ගේ එම පිළිකාව පැතිර පවතින තයිරොයිඩ් ග්රන්ථියේ කොටස ශල්යකර්මයකින් ඉවත් කළ පසු එම පිළිකාව තවදුරටත් ව්යාප්තවීම වැළැක්වීම සඳහා විකිරණශීලී අයඩින් ප්රතිකාරය ලබා දෙන බව එම විශේෂඥ වෛද්යවරු පවසති. සාමාන්යයෙන් ශල්යකර්මයෙන් පසු මසක පමණ කාලයක් ගතවූ පසු අදාළ අයඩින් ප්රතිකාරය පටන්ගත යුතු වුවද දැනට පවතින දිගු රෝගී පෝළිම මත එය සිදු කළ නොහැකි බව වෛද්යවරු කියා සිටිති.